COLOMBO (News 1st) – තමන් මේ අවස්ථාවේ රට පාලනය කළා නම් එකවර රටවල කිහිපයක් තරහ කර ගැනීමෙන් වළකින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිව්ස් ෆස්ට් TEN QUESTIONS වැඩසටහන සමග එක්වෙමින් අද(12) ප්‍රකාශ කළේ ය.
ප්රශ්නය -
මේ වෙලාවෙ ජනාධිපති නම් මොකද කරන්නේ ?
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා
මම කිව්වේ මම ජනාධිපති නෙවෙයි ඒත් කරන්න ඕනෙ මොකක්ද කියලා මම කියලා තියෙනවා. මම රටේ ජනාධිපති නම් මම ඒකත් කරනවා. 2019 වෙනකොට අපි ආර්ථිකය හදලා තිබුණේ. බෝම්බයෙන්වත් එච්චර වැටුණේ නෑ. එතන ඉදන් ඉදිරියට ගෙනියනවා මම හිටියා නම්. Covid නිසා විශේෂයෙන්ම IMF එකෙන් ලබා ගන්න පුළුවන් ආධාර කොහෙන්ද මේ අපිට ඕනේ ඩොලර් සංචිත ගන්නේ? විදේශ විනිමය ගේන්න එපා අමුද්‍රව්‍ය ගේන්න එපා කියලා මේක වහගෙන යන්න බෑ. ඒක අසාර්ථකයි තව කඩා වැටෙන්න ඉඩ තියනවා. විශේෂයෙන්ම මේ ස්වප් අරගෙන දුවන්නත් බෑ. අපි අයවැයක් දාලා ආපහු යන්න ඉස්සෙල්ලා කියනවා තවත් බිලියන 229 අරගන්නවා කියල. මේකෙ තේරුමක් නෑනේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි දීලා එක දියුණු කරලා මුළු නැගෙනහිර ඉන්දියාවටම තෙල් දෙන්න තිබුණා ඒක කරේ නෑ. විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය දෙන්න තිබුණ දෙන්න එකඟ වුණා. අපිට මුදල් ලැබෙනවා එකෙනුයි එල් ආර් ටී එකෙන් දෙකෙන් එකෙනුයි ඩොලර් බිලියන දෙකක් තියෙනවා. ඊළඟට Lng දෙන්න ගිය වැඩසටහන නැති කරා. නැත්තං එතන තියෙනවා Lng විදුලි බලාගාර. එතනින් තව බිලියනයක්. ඊළඟට මධ්‍යම අධිවේගී මාර්ග එම් සී සී මේ හැම එකේම සල්ලි තිබුණා. චීනයෙනුත් තිබුණා. මම එකක් කියනවා මම නං ඉන්දියාවයි චීනෙයි , ජපානයයි ඇමරිකාවයි යුරෝපයයි එකවර තරහා කරගන්න යන්නේ නෑ.