home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අමාත්‍යංශ විෂය පථයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
by Sagarika Chathumali
10-01-2022 | 9:27 PM
COLOMBO (NEWS1ST): විවිධ අමාත්‍යාංශ යටතේ ඇති ආයතන සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව, ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල, බුද්ධශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල පනත බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට ඇතුළත් කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කළේ, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ඉවත් කර ඒ යටතේ තිබූ සියලුම ආයතන සහ සුවිශේෂි කාර්යයන් අධිකරණ අමාත්‍යංශය යටතට ඇතුළත් කර ඇති බවයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ 1991 අංක 19 දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත, අධ්‍යාපන අමාත්‍යංශය යටතට ඇතුළත් කර තිබේ. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ සුවිශේෂි ප්‍රමුඛතා යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු අධීක්ෂණය ඇතුළත් කර ඇත. ඊට අමතරව, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ශීර්ෂය යටතේ තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත සහ පළාත් සභා ඡන්ද විමසීමේ පනත රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට ඇතුළත් කර ඇති බව ද ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් ය. ගැසට් නිවේදනය පහතින්...
වෙනත් ලිපි
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය