සපුගස්කන්ද හා වරාය පාවෙන බලාගාරයේ විදුලි ජනනය ඇරඹේ

සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයේ විදුලි ජනනය යළි ඇරඹේ..

by Staff Writer . 08-01-2022 | 10:20 AM

COLOMBO (News 1st) – සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයේ විදුලි ජනනය යළි ආරම්භ කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් ලබාදුන් බවය. මේ අතර කාර්මික දෝෂයකට ලක්ව තිබූ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය ද අද(08) යළිත් ජාතික පද්ධතියට එක්වන බව ඔහු පැවසුවේ ය.