by Staff Writer . 08-01-2022 | 10:24 AM
COLOMBO (News 1st) – මුහුදු මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු හබරාදුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, 59 හැවිරිදි අදාළ සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක්, පතුරම් ගැබ් 02 ක්, හෙරොයින් ග්‍රෑම් 17 ක්, වෑන් රථයක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සිය භාරයට ගත් බවයි.
සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශන අරම්භ කර තිබේ .