by Staff Writer . 08-01-2022 | 10:27 AM
COLOMBO (News 1st) –මාලදිවයින ආසන්න මුහුදු තීරයේදී ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරට ලක්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන තිබේ.
නාවික ප්‍රකාශක, කැප්ටන් ඉන්දික ද සිල්වා පැවසුවේ, යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු සිට ඇති අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බවය.
බේරාගත් ධීවරයින් අද(08) පස්වරුවේ ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී අදාළ වෙළෙඳ නෞකාවෙන් නාවික හමුදාව වෙත භාරදීමට නියමිතව තිබේ.
''අසේල පුතා'' නැමැති මෙම ධීවර යාත්‍රාව බේරුවලින් මුහුදු ගොස් තිබේ.
යාත්‍රාව සමග සන්නිවේදන සබඳතා බිඳවැටුණු බවට යාත්‍රාවේ හිමිකරු පසුගිය 05 වැනිදා බේරුවල පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි.
නාවික හමුදාව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මාලදිවයින් හා මුම්බායි නාවික බලධාරින් වෙත දැනුම්දී තිබූ බවය.