පුත්තලම දුම්රිය මාර්ගයේ කොටසක අලුත්වැඩියාවක්

පුත්තලම දුම්රිය මාර්ගයේ මීගමුව - කුරණ අතර කොටසේ අලුත්වැඩියාවක්: හරස් මාර්ගය ඔස්සේ වාහන ධාවනය අත්හිටුවයි..

by Staff Writer . 08-01-2022 | 6:51 AM

COLOMBO (News 1st) –  පුත්තලම දුම්රිය මාර්ගයේ මීගමුව - කුරණ අතර කොටසේ අලුත්වැඩියාවක් හේතුවෙන් එම හරස් මාර්ගය ඔස්සේ වාහන ධාවනය අද (08) පෙරවරු 8 සිට හෙට පස්වරු 8 දක්වා අත්හිටුවීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම කාලසීමාව තුළ රථ වාහන තදබදය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසය. කුරණ - මීගමුව දුම්රිය ස්ථාන අතර පහළ දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු එම කාල සීමාව තුළ සිදු කෙරෙනු ඇති.