by Staff Writer . 08-01-2022 | 10:21 PM
COLOMBO (News 1st) - නිල සංචාරයක් සඳහා චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මහතා අද(08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියේ ය.
එහි කාර්යය භාර කළමනාකාරවරයා සඳහන් කළේ, රාත්‍රි 8.19 ට විශේෂ ගුවන් යානයකින් ඔහු මෙරටට පැමිණි බව ය.
චීන විදේශ අමාත්‍යවරයා සමග දූත පිරිසක් ද පැමිණි බව නිව්ස්ෆස්ට් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ය.
කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ, චීන - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම සඳහා වැන්ග් යී මහතා මෙරටට පැමිණි බව ය.
හෙට (09) දිනයේ ඔහු මෙරට රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.