by Staff Writer . 08-01-2022 | 7:50 AM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.
ගුවන් හමුදාව නිවේදනය කළේ, විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පළමු, දෙවන හා බූස්ටර් එන්නත ලබාදීමට ඊයේ(07) දිනයේ එම මධ්‍යස්ථානය පිහිටවූ බවයි.
ගුවන් හමුදා වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් දවස පුරා එම ස්ථානයේ යොදවා ඇති අතර දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට තම අභිමතය පරිදි පැමිණීමේ පර්යන්තයේදී එන්නත් ලබාගත හැකි ය.