සමාගම් 12 කට රසායනික පොහොර ආනයනයට අනුමැතිය

සමාගම් 12 කට රසායනික පොහොර ආනයනයට අනුමැතිය

by Staff Writer . 27-12-2021 | 3:47 PM

COLOMBO (News1st) :  රසායනික පොහොර ආනයනයට සමාගම් 12 කට අනුමැතිය ලබාදුන් බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එලෙස අවසර ලැබුණේ මිශ්‍ර පොහොර හා යූරියා ආනයනය සඳහායි. පළතුරු ඇතුළු අතුරු භෝග වගාවන්ට මෙන්ම වී වගාව සඳහා ද මෙම පොහොර භාවිත කළ හැකි බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසී ය. ඒ අනුව ඉදිරි මාස දෙක ඇතුළත විවෘත වෙළඳ පොළේ හිඟයකින් තොරව රසායනික පෙහොර මිල දී ගැනිමට හැකියාව ලැබෙනු ඇති. NPK වර්ගයේ පෙහොර මෙට්‍රික් ටොන් 2000 ක් මේ වනවිටත් දිවයිනට ආනයනය කර ති‌බේ. යූරියා මෙට්‍රික් ටොන් 1500 ක් ද නුදුරේදිම දිවයිනට ලැබෙනු ඇති. කෙසේ වෙතත් මෙම පොහොර රජයේ සහනාධාර මිල ක්‍රමයක් යටතේ නිකුත් නොකරන බව ද චන්දන ලොකුහේවගේ මහතා අවධාරණය කළේ ය.