''අපි සතුරාට උදව් දෙන්න ලෑස්ති නැහැ...''

''සතුරාට උදව් දෙන්න ලෑස්ති නැහැ.. විකල්ප ක්‍රියාමාර්ග වෙත යන්න ලෑස්තියි'' - රෝහණ ලක්ෂ්මන්

by Staff Writer . 27-12-2021 | 11:02 AM

COLOMBO (News1st) :  ආණ්ඩුවේ පාර්ශවකරුවන් ලෙස විශාල ගැටලු සංඛ්‍යාවක් ඇතැයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා පවසන්නේ, එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව ත් විකල්ප ක්‍රියාමාර්ග වෙත පිවිසීමට සූදානම් බවත් ය.
''අපි සතුරාට උදව් දෙන්න ලෑස්ති නැහැ. අපි ජනතාව එක්ක සංවාදයක යෙදිලා විකල්ප ක්‍රියාමාර්ග වෙත යන්නයි ලෑස්ති වෙන්නෙ''
ආණ්ඩුවේ පාර්ශවකරුවන් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළේ ය.
''රජයේ සියලු පාර්ශවකරුවන් සමග අද ලොකු සම්බන්ධයන් පවතින්නේ නැහැ. රජයේ පාර්ශවකරුවන් නෙවෙයි අද ඇමතිවරුම කියනවා. තමන්ට සංවර්ධන ව්‍යාපෘතියකට යන්න ඕන නම්, ලක්ෂ 25 ක් පගාව දෙන්න ඕනේ කියලා. තවත් අපි දන්න ඇමතිවරු කියනවා අපි දන්නේ නැතුව දේවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියලා. රජයේ ප්‍රධාන පක්ෂයේ ඇමතිවරුමයි මේ කාරණාව කියන්නේ, අපි දන්නේ නැහැ. මේ මොනවද වෙන්නේ නැහැ. කලකිරීමක් ඇති වෙලා තියනවා. මේ ඇමතිවරු කියන කාරණා''