by Staff Writer . 27-12-2021 | 12:44 PM
COLOMBO (News1st) : රියැදුරාට මත්පෙති ලබා දී කුලී මෝටර් රථයක් සොරකම් කර විකුණු බව කියන සැකකරුවෙකු කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරු මෙවැනි ආකාරයට රියැදුරන්ට මත්පෙති ලබා දී තවත් මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ද සොරකම් කර ඇති බවයි.
අන්තර්ජාලය මගින් කුලී රථ වෙන්කරවා ගෙන රියදුරු සමග වාහනය රැගෙන ගොස් රියැදුරන්ට මත්පෙති දමා විවිධ බීම වර්ග පානය කිරීමට සලස්වා ඔහු මෙම ජාවාරම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ කිරිඇල්ල , එපිටවල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර කුලී පදනම මත වාහන රැගෙන ගොස් ව්‍යාජ ලේඛන සකසා ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ තවත් සැකකරුවෙකු ද මාතලේ අකුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරු විසින් රාජගිරිය නාවලපාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ වෑන් රථයක් සහ යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ වෑන් රථයක් එලෙස ව්‍යාජ ලේඛන සකස් කර විකුණා ඇති බවයි.