by Sagarika Chathumali 24-12-2021 | 4:08 PM
COLOMBO (News 1st) : නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රයක් පද්ධතියට එක්කර ඇති බැවින් අද (24) සිට විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නැතැයි, විදුලිබල අමාත්‍යාංශය පවසයි.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වීම හේතුවෙන්පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස 6.00 ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ විනාඩි 45 ත් 30 ත් අතර කාලයක් විදුලිය කප්පාදු කෙරිණ.