වාර්තාගතව ඉහළ යන කොටස් වෙළෙඳපොළ..

වාර්තාගතව ඉහළ යන කොටස් වෙළෙඳපොළ..

by Staff writer 24-12-2021 | 9:50 PM

COLOMBO (News 1st) –  කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක අද(24) වාර්තාගත ලෙස ඉහළ ගියේ ය.

ඒ, ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මවා යමින් ය. අද දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,070.68 ක් ලෙස වාර්තා විය. එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 119.45 ක ඉහළ යාමකි. නත්තල් දිනය හෙට යෙදී ඇති බැවින් අද දින අතිරේක දින භාගයක නිවාඩුවක් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අද දින ගනුදෙනු සැසිය පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා මිනිත්තු 90 ක කාලයකට පමණක් සීමා විය. අද දිනයේ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 2.84 කි.