by Staff Writer . 24-12-2021 | 3:31 PM
COLOMBO (News 1st) : පුදුකුඩුඉරිප්පු, මුංගිල්ලාරු උතුර, උඩයාර්කට්ටු ප්‍රදේශයේදී දැරිය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඇගේ මව , පියා සහ සහෝදරිය එලෙස අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.
මේ අතර මෙම දැරිය ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබු ඇගේ මස්සිනා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුවයි.
සැකකරුවන්ගෙන් වෙන් වෙන් වශයෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදි මෙම ඝාතනය සැලසුම් සහගතව සිදුකර ඉතා සූක්ෂමව වසන් කිරීමට කටයුතු කර ඇති බවට හෙළිවී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.
පසුගිය 15 වැනිදා අතුරුදන් වූ දැරිය, ඝාතනය කර මියගොස් සිටියදී සොයාගනු ලැබුවේ පසුගිය 18 වැනිදායි.