තවත් කොරෝනා මරණ 20 ක්..

තවත් කොරෝනා මරණ 20 ක්..

by Staff writer 24-12-2021 | 8:25 PM

COLOMBO ( News 1st ): කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.

ඒ අතරින් 12 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 08 දෙනා කාන්තාවන් ය. මිය ගිය අය අතරින් 14 දෙනෙකුම අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,852 ක් දක්වා ඉහළ ගියේ ය. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 582,149 කි.