by Staff writer 24-12-2021 | 9:14 PM
COLOMBO (News 1st) – 2021 වසර අවසන් වීමට ඇත්තේ තව පැය 150කත් අඩු කාලයකි.
ගෙවුණූ දින 360 තුළ සුදුළූණු වංචා , සීනි වංචා, පොල්තෙල් වංචා, වැනි ප්‍රබල වංචා මැද දත්ත ඩිලීට් කිරීමකුත් විය.
රජයේ ගවර්මන්ට් ක්ලවුඩය හෙවත් දත්ත පද්ධතියෙන් ඔබේත් මගේත් සංවේදී දත්ත ඩිලීට් කළේ මේ වසරේ ජුලි මාසයේදී ය.
2021 ජුලි 23
ජාතික හැඳුනුම්පත් තොරතුරු
ඉඩම් ඔප්පු
සංඥා සිතියම්
බැංකු ගිණුම් අංක
අපරාධ නඩු ගොනු අංක
අධිකරණ වාර්තා,
ඖෂධ ඇතුළු වැදගත් සැපයුම් සේවා ඇතුළු අතිශය සංවේදී තොරතුරු ඇතුළත් රජයේ ගවර්න්මන්ට් ක්ලවුඩයෙන් ඖෂධවලට සම්බන්ධ දත්ත මැකී යාමක් ගැන පළමුවරට CIDයට පැමිණිල්ලකි.
2021 ඔක්තෝබර් 03
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකුණු දත්ත යළි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමකි.
2021 ඔක්තෝබර් 06
කොරෝනා වසංගතය රට තුළ පැතිර යමින් තිබියදී ඖෂධ ජාවාරම්කරුවන් කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන.
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පවසයි.
එපික් සමාගමේ පරිගණක දත්ත පරිපාලන නිලධාරිවරයා පුරා පැය 7 ක් දත්ත මකලා.
මෙය සංවිධානත්ම ඖෂධ ජාවාරමේ කොටසක් නිසා අපරාධයට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව පුළුල් විමර්ශනයක් කර නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයිද කියයි.
2021 ඔක්තෝබර් 06
අධි සංවේදී දත්ත මැකී යාම අත්වැරදීමක් නොව සිතාමතාම කළ දෙයක් - EPIC සමාගමේ සේවා සැපයීමේ නිලධාරීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමග හෙළිවෙයි
2021 ඔක්තෝබර් 13
දිගින් දිගටම වංචා දූෂණ සිදුව ඇති බව NMRA ආයතනයේ ක්‍රියාකාරීත්වය ගැන සොයා බැලූ පංච පුද්ගල විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවකින් හෙළිදරව්වක්.
රටේ ජාතික ආරක්ෂාවට මෙතරම් සංවේදී දත්ත පද්ධතියකට එක් පුද්ගලයෙකු ඇතුළු වී දත්ත ඩිලීට් කළ හැකි නම් අනාගතයේදී ඔබේත් මගේත් දත්තවල සුරක්ෂිතභාවය තහවුරු කරන්නේ කවුද ?
අවධානයෙන්..