අගමැති තිරුපති වැඳපුදා ගනී

අගමැති තිරුපති වැඳපුදා ගනී

by Staff Writer . 24-12-2021 | 12:04 PM

COLOMBO (News 1st) – අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන තිරුපති දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරත විය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිරුපති දේවස්ථානයට ගොස් සිටි අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක් ද ලබා දී තිබූ බවයි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඊයේ (23) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ, දෙදින සංචාරයක් සඳහායි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊයේ පෙරවරුවේ තිරුපති ගුවන්න්තොටුපොළට ළඟාවිය. අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිපදෙනක් ද සහභාගී වී සිටිති.