හොරණ, මීගහතැන්නේ පුද්ගල ඝාතනයක්...

හොරණ, මීගහතැන්නේ පුද්ගල ඝාතනයක්...

by Staff Writer . 14-12-2021 | 10:26 AM

COLOMBO (News 1st); හොරණ, මීගහතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ පැරණි ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පහළ හෙවෙස්ස ගමෙක් කන්ද පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ රාත්‍රී සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.