චීනයෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනා ගනී

චීනයෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනා ගනී

by Staff Writer . 14-12-2021 | 9:01 AM

COLOMBO (News 1st);  චීනයෙන් පළමු ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයා හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයා විදෙස් රටක සිට එරටට පැමිණ ඇති පුද්ගලයෙකු වන නමුත් ආසාදිතයා පැමිණ ඇත්තේ, කුමන රටක සිට ද යන්න මෙතෙක් හෙළි කර නොමැත. විදෙස් වාර්තා පැවසුවේ, නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයා මේ වන විට ස්වයං නිරෝධයනය වෙමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ආසාදිතයා හමුවී ඇති චීනයේ තියෑන්ජින් ප්‍රදේශයට මේ වන විට දැඩි සීමා පනවා තිබේ. ගතවූ දිනයේ චීනයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 101 කි. කෙසේවෙතත් කොරෝනා වෛරසයේ ආරම්භය සිදු වූ චීනයෙන් මේ දක්වා හඳුනාගෙන ඇත්තේ ආසාදිතයින් 99,780 ක් පමණි. එරට කොවිඩ් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 4636 කි.