ජනපති අබුඩාබි බලා පිටත්ව යයි

ඉන්දියානු සාගර සමුළුව සඳහා ජනපති අබුඩාබි යයි

by Staff Writer . 03-12-2021 | 9:16 PM

COLOMBO (NEWS1ST): ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි බලා පිටත්ව ගියේ ය.

ඒ පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහායි. 'පරිසරය, ආර්ථිකය, වසංගතය' යන්න තේමා කර ගනිමින් එය හෙට සහ අනිද්දා අබුඩාබිහි දී පැවැත්වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබන බවයි. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති. ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිත කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාස හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී ඉන්දියානු සාගර සමුළුව ආරම්භ විය.