by Sagarika Chathumali 01-12-2021 | 8:37 AM
COLOMBO (NEWS1ST) : මිහින්තලය, ඉලුප්පුකන්නිය ප්රදේශයේ කාන්තාවක ගෙල වැළ ලාගෙන මියගොස් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
පොලීසිය පැවසුවේ, මරණකාරිය වයස අවුරුදු 24 ක් වූ ඉලුප්පුකන්නිය උතුර ප්රදේශයේ පදිංචිකාරියක බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයේදී කාන්තාව ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට නිරීක්ෂණය වුව ද මෘත දේහයේ හිසේ බරපතළ තුවාල දක්නට ඇති බැවින් මරණය සැක සහිත බව පොලීසිය පවසයි.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර මිහින්තලේ පොලීසිය මළ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.