by Staff writer 17-11-2021 | 4:12 PM
COLOMBO (NEWS1ST) : මුං ඇට කිලෝග්‍රෑම් එකක් රුපියල් 225 කට අද(17) සිට සතොසින් ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ , රුපියල් 450 කට ගොවීන්ගෙන් මුං ඇට ලබා ගැනීමට දිස්ත්‍රික් මට්ටමින් කටයුතු යොදා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කර ඇති බවද ඔහු කියා සිටියේ ය.
බන්දුල ගුණවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී ය.