මහ වැසි අඩු වුණත් ජන ජීවිත තාමත් ගං වතුරේ..

මහ වැසි අඩු වුණත් ජන ජීවිත තාමත් ගං වතුරේ..

by Staff Writer . 13-11-2021 | 10:47 PM

COLOMBO (NEWS1ST):  දිවයිනට බලපෑ වැසි තත්ත්වය පහව යමින් පැවතිය ද මේ වන විටත් ඇතැම් පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටව පවතී.

නාත්තණ්ඩිය දංකොටුව ප්‍රධාන මාර්ගයේ තුම්මෝදර මාවිල ඇතුළු ප්‍රදේශවල ඇතැම් නිවාසයන්හි වහළවල් දක්වාම ජලයෙන් වැසී පවතිනු දැකිය හැකියි. ඇද හැළෙන වර්ෂාවත් සමග ජලශයේ ජල මට්ටම ඉහළ යාම නිසා මස්කෙලිය මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනම අඟල් දෙක බැගින් ඊයේ රාත්‍රී සිට උදෑසන දක්වා විවෘත කර තිබුණි. කොළඹ පොල්ගහවෙල දක්වා දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගමත් විජය රජදහනත් අතර කොටසේ රේල් පාරේ බෝක්කුවක් ගිලා බැසීමෙන් දුම්රිය ධාවනය එක් දුම්රිය මාර්ගයකට සීමා වී තිබේ. පොල්ගොඩ තැන්නහේන හරහා බුලත්සිංහල දක්වා දිවෙන මාර්ගයේ තැන්නහේන ප්‍රදේශයේ අඩි 60 ක් පමන වන පාලමෙහි කොටසක් ගිලා බැසීමෙන් එම මාර්ගයේ ගමනා ගමනයටද දැඩි බලපෑම් එල්ල විය.