by Staff Writer . 13-11-2021 | 8:34 PM
COLOMBO (NEWS1ST): නායයාමේ අවදානමත් සමග වසා දැමුණු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව මාර්ගය විවෘත කරන්නේ කවදා ද?
මේ නායයාමේ අවදානමත් සමග ඓතිහාසික කඩුගන්නාවට මොක ද වෙන්නේ?
ඒ පිළිබඳව සොයා බැලීමට නිව්ස් ෆස්ට් අද කඩුගන්නාවට ගියේ ය.
පසුගිය 9 වනදා රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂවත් සමග පහළ කඩුගන්නාව මාර්ගයේ පස් ස්ථරයක් අස්ථාවර වීම හේතුවෙන් ඒ ආසන්නයේ පැවති වෙළඳ කුටි බොහෝමයකට දැඩි බලපෑම් එල්ල විය.
මේ වන විට එම වෙළඳකුටි සියල්ලක්ම ඉවත් කර ඇති අතර එම ප්‍රදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස ද නම් කර තිබේ.
මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් අදාළ අස්ථාවර වූ පස් ස්ථරය පිළිබඳ පරීක්ෂණ සිදු කරයි.
අදාළ පස් ස්ථරය අභ්‍යන්තරයෙන් ගලා බසින ජලය විශේෂ යන්ත්‍රයක් මගින් ඉවත් කිරීම සිදු විය.
මෙම යන්ත්‍රය මගින් අදාළ පස් ස්ථරය අභ්‍යන්තරයට විදීමක් සිදු කර ඉන් අභ්‍යන්තර ජලය පිටතට යවා පස් ස්ථරය වියළීමට පියවර ගනු ලබයි.
මේ වන විට පහළ කඩුගන්නාව මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති අතර යුද හමුදාව , කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් එම ස්ථානයට අනියුක්ත කර තිබේ.
කඳු සහිත ඉහළ ප්‍රදේශය හරහා පහළට ගලා බසින සියලු ජල මූලාශ්‍ර භූගත පසට කාන්දුවීම වැළැක්වීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතාගේ අධික්ෂණය යටතේ විශේෂ කණ්ඩායක් අනුයුක්ත කිරීමට ද කටයුතු කෙරුණි.
කෙසේ වෙතත් පහළ කඩුගන්නාව මාර්ගය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැ.
ඉදිරි වර්ෂාපතනය හා නාය යෑමේ අවදානමට ලක්ව ඇති පස් ස්ථාරයේ ස්ථාවරභාවය පිළිබඳව එය තීරණය කීරීමට නියමිතයි.