බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය තවදුරටත් ..

බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය තවදුරටත් ..

by Staff writer 10-11-2021 | 4:54 PM

COLOMBO (NEWS1ST):  ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපයක් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව, එය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය දෙසින් තමිල්නාඩුව වෙරළට ළඟා වේ යැයි අපේක්ෂා කරයි. මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.