ඉන්දියාවට තවත් දරුණු පරාජයක්..

ඉන්දියාවට තවත් දරුණු පරාජයක්..

by Staff Writer . 01-11-2021 | 9:26 AM

COLOMBO (News 1st ) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තරගය කඩුලු 08කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය .

සුපිරි 12 දෙනාගේ වටගේ ඉන්දියාව සහභාගී වූ තරග දෙකම පරාජය වීම විශේෂත්වයකි . තරගයේ කාසිය වාසිය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය . ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 110ක් ලබා ගත්තේය . පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකි විය .