නිවී ගිය විදුලකර යතිවරයාණෝ..

යුග මෙහෙවරක් නිම කර පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි දැයෙන් සමූගනී

by Staff Writer . 31-10-2021 | 8:42 PM

COLOMBO (NEWS1ST):කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අපවත්වී වදාළ පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (31) පස්වරුවේ සිදු කෙරිණ.

ඒ කොළඹ නිදහස් චතුරශ්‍රයේදියි. පසුගිය 27 වැනිදා අපවත්වී වදාළ පූජ්‍ය කුසලධම්ම නාහිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේයි. කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ සිට කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා උන්වහන්සේගේ දේහය රැගෙන ආවේ රථ පෙරහරකිනි. අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන්ම සර්ව ආගමික නායකයින්ගේ ද සහභාගීත්වයෙන් ආදාහන පූජෝත්සවය පැවැත්විණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මැති ඇමතිවරුන් තානාපති නිලධාරීහු , හමුදා ප්‍රධානීහු ඇතුළු බෞද්ධ සැදැහැවත්හු විශාල පිරිසක් ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ. ජනාධිපතිතුමාගේ ශෝක පණිවුඩය ඉදිරිපත් කරනු ලැබුවේ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.