by Staff writer 31-10-2021 | 9:59 PM
COLOMBO (NEWS1ST): මාධ්‍යවේදීන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහජන විනිශ්චය සභාවක් පිහිටුවීමට ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායම් 03ක් සූදානම් වෙයි .
ඝාතනය වූ එම මාධ්‍යවේදීන් තිදෙනා අතරට ශ්‍රී ලංකාවේ ලසන්ත වික්‍රමතුංග ද ඇතුළත්ය.
මෙම මහජන විනිශ්චය සභාව පත් කරන්නේ REPORTERS WITHOUT BORDERS / FREE PRESS UNLIMITED / සහ COMMITEE TO PROTECT JOURNALIST යන ජනමාධ්‍ය කණ්ඩායම් තුනයි.
අදාළ මාධ්‍යවේදීන් තිදෙනාගේ ඝාතන සිද්ධිවලට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ, මෙක්සිකෝවේ සහ සිරියාවේ රජයන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීම මෙම මහජන විනිශ්චය සභාවේ ප්‍රධාන අරමුණයි.
ඝාතනය කෙරුණු අනෙක් මාධ්‍යවේදීන් දෙදෙනා වන්නේ, මෙක්සිකොවේ මිගෙල් ඒන්ජල් ලොපෙස් වෙලස්කෝ සහ සිරියාවේ නබිල් අල්-ෂර්බාජියි.
මෙම මහජන විනිශ්චය සභාවේ පළමු සැසිවාරය ලබන නොවැම්බර් 2 වැනිදා නෙදර්ලන්තයේ හේග් හිදී පැවැත්වීමට නියමිතය.
මහජන විනිශ්චය සභා නිර්මාණය කර ඇත්තේ රටවල් වල රාජ්‍යයන්හි වගවීම සඳහා සාක්ෂි වාර්තාවක් සම්පාදනයටයි.
එම මහජන විනිශ්චය සභාව ඉහළ පෙළේ සිදුවීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද සිදු කරයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරද්දී 2009 ජනවාරි 08 වැනිදා ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කෙරිණ .
ඒ , ඔහු සිය කාර්යාලය බලා යමින් සිටියදී ය.