by Staff Writer . 31-10-2021 | 7:50 PM
COLOMBO (NEWS1ST): ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතිඋතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේට ඉන්දීයාවේ සංචාරයක් සඳහා ඇරයුම් කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අරාධනාව සිදු කර ඇත්තේ, G 20 සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලියේ රෝමය වෙත පැමිණි අවස්ථාවේදීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2017 වසරේ පාප් වාහන්සේගේ ඉන්දීයා සංචාරය අවලංගුවීමෙන් පසු ඉන්දීය සංචාරයක් සඳහා ලැබු පළමු ආරාධනය මෙය වීම හේතුවෙන් මෙය ඉතා සුවීශේෂි වනු ඇති බවයි.
කෙසේ වෙතත් අවසන් වරට පාප්වහන්සේ කෙනෙකු සංචාරයක් සඳහා ඉන්දීයාවට පැමිණ ඇත්තේ, 1999 වසරේදී ය.
ඒ 2 වන ජුවාන් පාවුළු පාප්වහන්සේගේ සංචාරයයි.