පෞද්. බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න - පවිත්‍ර වන්නිආරච්චි‌ගෙන් උපදෙස්

by Staff writer 28-10-2021 | 5:14 PM

COLOMBO (NEWS1ST) – කොවිඩ් පාලන නීති රීති හේතුවෙන් වසර එක හමාරකට ආසන්න කාලයක් අකර්මන්‍යව පැවති පෞද්ගලික බස් කර්මාන්තය යළි ආරම්භ කිරීම සඳහා බස් රථ හිමියන්ට යළි ලබා දිය හැකි සියලු සහන ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ඒ, පෞද්ගලික බස් හිමියන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද (28) පැවති සාකච්ඡාවකදී ය. බස් රථ සඳහා වන ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහනයක් ලබා ගැනීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම, මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීම, බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදීම නැවැත්වීම, ලංගමය සඳහා අන්තර් පළාත් ධාවනයට දී ඇති අවසරය පෞද්ගලික බස් ධාවනයට ද අවස්ථාව ලබා දෙමින් ඒකාබද්ධ කිරීම වැනි කරුණු බස් හිමියන් මෙහිදී අමාත්‍යවරියට ඉදිරිපත් කළේ ය.