මෙරටදී පළමු වරට මවක් දරුවන් 6 දෙනෙකු බිහි කරයි(PHOTOS)

by Sagarika Chathumali 21-10-2021 | 8:44 AM

COLOMBO (NEWS1ST):  ශ්‍රී ලංකාවේ පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී සිදුවිය.

පියා යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වන අතර මව 31 හැවිරිදි වියේ පසු වන අතර මා පිය දෙපළ කොළඹ IDH ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් අද උදෑසන සිසේරියන් සැත්කම සිදු කළේ ය.
''අපි ස්කෑන් කර කර බැලුවා බබාලාගේ වර්ධනය කොහෝම ද සහ ලේ ගමනා ගමනය කොහොමද කියලා. ඒ අවස්ථාවේ අපිට තීරණය කරන්න වුණා. එක් අවස්ථාවක බබාලා දෙන්නෙක්ගේ ලේ ගමනාගමනය ටික ටික අඩුවෙන්න යනවා. කියලා. ඒ මොහොතේ තීරණය කරලා අම්මාගේ සෞඛ්‍ය තත්ත්වයත් ගැන හිතලා සති 31 තමයි හොඳම කාලය කියලා මොකද පොත්වලවත් සඳහන් නැහැ. ඒ අනුව තීරණය කළා. මේ ඩිලිවරි එක කරන්න. අද පාන්දරව නිරෝගිව ඒ බබාලා බිහි කළා.'' - වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් -
 
දරුවන් හය දෙනාම මේ වන විට යහපත් තත්ත්වයේ පසුවන බව රෝහල් බලධාරීහු පවසති. මේ දරුවන් නිරුපද්‍රිතව රැකබලා ගැනීම අතිශය අභියෝගාත්මක රාජකාරියක් බව වෛද්‍යවරුන්ගේ මතයයි.
''එක්කෙනෙක් තමයි බලාපොරාත්තුවෙන් හිටියේ එක්කෙනෙක්ට 6 දෙනෙක් ලැබුනාහම කොහෝමත් සතුටුයි නේ. ඒකත් එක්කම පොඩි භයකුත් තිබුණා. නමුත් ඒ වෙලාවේදී අපි ඩොක්ටර්ට ඇඩ්වයිස් කරලා තිබුණු නිසා පොසිටිව්ලි කතා කරපු නිසා ඒකට මුහුණ දෙන්න සුදානම් වුණා''
- දරුවන්ගේ පියා - https://www.youtube.com/watch?v=ioKPL3qzG50