''කුඩම්මාගෙ ද අම්මාගෙ ද සැලකිලි කියලා අදාළ නැහැ...'' - විමල්

by Staff Writer . 21-10-2021 | 10:53 PM

COLOMBO (NEWS1ST) :  තමන් ඇතුළු ආණ්ඩුවට සහය දෙන පක්ෂ 11 ක් මේ නිව් ෆෝට්‍රෙස් ගනුදෙනුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කරමින් සිටින බව විමල් වීරවංශ අමාත්‍යවරයා පවසයි.

''ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වාචිකව අපිට කිව්වේ තව ගිවිසුම් දෙකක් අපිට අත්සන් කරන්න තියෙන බව. ඒ ගිවිසුම් අත්සන් කරන්න තාම සූදානමක් නැහැ. අපි පක්ෂ 11 රැස්වෙලා තීරණයක් ගන්නවා. මොකද කරන්නේ කියලා. කුඩම්මාගේ ද අම්මගේ ද සැලකිලි කියලා අදාළ නැහැ. ජනතාව ගැන සැලකිල්ල දක්වන්න''
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නිදහසේ නියමුවෝ ප්‍රකාශනයක් වන තෙවැනි මග මාසික සඟරාව අද කොළඔදී ජනගත කරන අවස්ථාවට නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ එකොළහේ නියෝජිතවරු ද සහභාගිවී සිටියහ.