by Staff writer 18-10-2021 | 4:10 PM
COLOMBO (News 1st): නීති සංශෝධනය කිරීමෙන් පසු පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, නව ක්‍රමවේදයකට අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වනු ඇති බවයි.
ඒ සීමා නිර්ණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමෙන් නව ක්‍රමවේදයක් සකස් කිරිමට සිදු වීමෙන් ය.
වත්මන් කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගනිමින් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්රමයන්ට යටත්ව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සෞඛ්‍යය බලධාරීන් සමග සැලසුම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.
සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා සාමාන්‍යයෙන් වැය වන මුදල රුපියල් මිලියන 4000 කි.
කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද යටතේ මැතිවරණ පැවැත්වීමට සිදුවන බැවින් වැයවන මුදල ද, වැඩි විය හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.
මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳ පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු කාරක සභාව දැනුවත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.