by Staff writer 09-10-2021 | 9:41 PM
COLOMBO (NEWS1ST) : හලාවත රදගුරු අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්, මහනුවර රදගුරු හිමිපාණන් ලෙස පත්කර තිබේ.
ඒ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් විසින් ය.
ඊට අමතරව වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්, හලාවත පදවි අපෝස්තලික පරිපාලක රදගුරු හිමිපාණන් ලෙස ද පත් කර තිබේ.
ඊට අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ, ශ්‍රී ලංකා වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩග්වේ හිමිපාණන් විසින් ය.