by Staff Writer . 03-10-2021 | 10:29 PM
COLOMBO (NEWS1ST) : ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ගමන් ගත් යානය තාක්ෂණික දෝෂයකට ලක්ව තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ, විදේශ ලේකම්වරයා ගමන් ගත් එම්. අයි. 17 යානය ත්‍රිකුණාමලයේදී තාක්ෂණික දෝෂයකට ලක්ව ඇති බවයි.
අදාළ යානය වෙනුවෙට හදිසි අවස්ථාවක ප්‍රභූවරුන් වෙනුවෙන් යොදවා ඇති වයි. 12 යානයක් යෙදවූ බව ද ඔහු සඳහන් කළේ ය.
ගුවන් හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ, ඒ අනුව, ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා ගමන් කළ බවයි.