පිලිපීන ජනපති දේශපාලනයෙන් සමුගන්නා බව කියයි

පිලිපීන ජනපති දේශපාලනයෙන් සමුගන්නා බව කියයි

by Staff Writer . 02-10-2021 | 7:13 PM

COLOMBO (NEWS1ST) :  පිලිපීන ජනාධිපති රොඩිග්‍රෝ ඩුටරේට් ‍දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේ ය.

ඔහු කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී උප ජනාධිපතිවරණය සඳහා තරග නොකරන බවයි. ඔහුගේ දියණිය එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග වදිනු ඇති. 2016 වසරේදී පිලිපීනයේ ජනාධිපති ධුරයට පත් ඩුටරේට් එරට අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කටයුතු කළ පාලකයෙකු ලෙස ප්‍රසිද්ධිය උසුලයි. ඔහු සිය විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කරමින් කියා ඇත්තේ තමා නැවතත් ජනාධිපතිවරයා ලෙස තරග කිරීමට සුදුසුකම් ලබා නොමැති බවත් ,යම් හෙයකින් ඉදිරිපත් වුවහොත් එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවයි.