නාමල් මිරිජ්ජවිල ගිය අවස්ථාවේ උණුසුම් තත්ත්වයක්

ඇමති නාමල් මිරිජ්ජවිල ගිය අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක්..

by Staff writer 26-09-2021 | 9:12 PM

COLOMBO (News 1st) - අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (26) හම්බන්තොට, මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිත උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එහිදී උද්භිත උද්‍යානය හරහා දිවෙන අතුරු මාර්ගයක් සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේදී ඇති වූයේ උණුසුම් තත්ත්වයකි. උද්භිත උද්‍යානය හරහා වැටී ඇති මෙම මාර්ගය මිරිජ්ජවිල අවට ග්‍රාම සේවා වසම් 03කට පහසුකම් සපයන අතර දෛනිකව බොහෝ පිරිසක් මෙම මාර්ගය භාවිත කරති. මේ ජනතාව ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය තමන්ට අත්‍යවශ්‍ය බවය.