වායු දූෂණය නිසා වාර්ෂිකව ලක්ෂ 07ක් මරුට - WHO

වායු දූෂණය නිසා වාර්ෂිකව ලක්ෂ 07ක් මරුට - WHO

by Staff writer 23-09-2021 | 2:43 PM

COLOMBO (News 1st) - වායු දූෂණය හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් ලක්ෂ 07ක් පමණ මියයන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) සඳහන් කරයි .

එම සංවිධානය පෙන්වා දෙන්නේ වායු දූෂණයේ අනතුරුදායක බව, තවත් ඉහළ ගොස් ඇති බවය. එය, දුම්පානය සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර පුරුදු මගින් සිදුවන මරණ ප්‍රතිශතය හා සමාන වේ . වායු දූෂණය අවම කිරීම සඳහා ලොව සියලු රටවල් කැපවීමෙන් කටයුතු කළයුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේය.