මත්කුඩු සොයා ගිය සැරයන්... (CCTV දර්ශන)

මත්කුඩු සොයා ගිය සැරයන්... (CCTV දර්ශන)

by Staff Writer . 21-09-2021 | 8:57 PM

COLOMBO (NEWS1ST) :  නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (20) වැලිකඩ පොලිස් වසමේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම්වල යෙදී සිටින අතරතුර මාර්ගයේ නවතා තිබූ සැක කටයුතු මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර තිබේ.

පොලීසිය පවසන්නේ එහිදී මෝටර් රථයේ සිටි පිරිස පොලිස් නිලධාරීන් යට කර පලායාමට උත්සාහ කළ බවයි. එහිදී පොලිස් සැරයන්වරයෙකු මෝටර් රථයේ එල්ලෙමින් රථය නවතා ගැනීමට උත්සාහ කර තිබේ. පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේදී සැරයන්වරයා රථයේ බොනට්ටුව මත තබා ගෙන සැකකරුවන් රථය ධාවනය කළ බවයි. අනතුරුව තිරිංග ක්‍රියාත්මක කර අදාළ සැරයන්වරයා වැටෙන්නට සලස්වා ඇති ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබිණ.