රිය අනතුරුවලින් 10ක් මරුට..

ප්‍රදේශ රැසක රිය අනතුරුවලින් 10ක් මරුට..

by Staff writer 19-09-2021 | 11:33 AM

COLOMBO (News 1st) –  දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 05දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, කාන්තන්කුඩි , බේරුවල , තිස්සමහරාම , වාරියපොල , එරාවුර් , පදියතලාව , ගාල්ල සහ බටපොල ප්‍රදේශවල එම අනතුරු සිදුව ඇති බවය. මියගිය පුද්ගලයින් අවුරුදු 23 ත් 57 ත් අතර වයස්වල පසුවන්නන් ය. ඒ අතර කාන්තාවක්ද වේ. අනතුරුවලට හේතු වූ රියැදුරන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.