තවත් කොරෝනා මරණ 103 ක්..

තවත් කොරෝනා මරණ 103 ක්: ඒ අතර 30ට අඩු දෙදෙනෙක්..

by Staff writer 19-09-2021 | 6:22 PM

COLOMBO (News 1st) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තවත් කොරෝනා මරණ 103 ක් තහවුරු කරනු ලැබ තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 56 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 47 දෙනා කාන්තාවන් ය. වාර්තා වූ මරණ අතර වයස අවුරුදු 30 ට අඩුආසාදිතයින් 02 ක් සිටී. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 24 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 77 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (19) වාර්තා කරන ලද මෙම මරණ 103 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ(18) දිනයේදීය.