by Staff writer 05-09-2021 | 11:14 PM
COLOMBO (News 1st) - කොවිඩ් ආසාදිතව මියගිය ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මහත්මියගේ අවසන් කටයුතු හෙට(06) මහියංගනයේදී සිදු කිරීමට නියමිතය.
64 හැවිරිදි හීන් මැණිකා මහත්මිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ(04) රාත්‍රියේ මිය ගියා ය.
හීන් මැණිකා මහත්මිය ආදිවාසී නායකයා සමග අවසන් වරට සහභාගී වූයේ, ශ්‍රී දළදා වහන්සේට මී පැණි පුජා කිරීමේ අවස්ථාවටයි.
යහපත් ගුණාංග රැසක් ඇති හීන් මැණිකා මහත්මිය දරුවන් 9 දෙනෙකුගේ සෙනෙහෙබර මවකි.