සමගි ජනබලවේගයෙන් ඉල්ලීමක්..

අත්‍යවශ්‍ය සේවා සැපයීමට මුවාවී හදිසි නීතිය ගෙන එන්නේ පවතින නීතිරීති අවභාවිතයට ද? - සමගි ජනබලවේගය

by Staff writer 05-09-2021 | 11:06 PM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය සේවා සැපයීමට මුවාවී හදිසි නීති පනවමින් පවතින නීතිරීති අවභාවිත නොකරන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

පසුගිය සමයේ විවිධ හේතු මත අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් බන්ධනාගාර තුළ අවම සනීපාරක්ෂක පහසුකම් හෝ කිසිදු නිරෝධායන නීතියක් ක්‍රියාත්මක නොවන බව සමගි ජන බලවේගය අද(05) නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මෑත උදාහරණ ලෙස පෙන්වා දී තිබෙන්නේ විවිධ විරෝධතාවල නිරත වෙමින් සිටියදී නිරෝගී අය ලෙස අත්අඩංගුවට ගත් චමීර කොස්වත්ත, වසන්ත මුදලිගේ, අමිල සන්දීප යන තිදෙනා අද කොවිඩ් ආසාදිතයින් බවට පත්වීමයි. බන්ධනාගාරවලට නීතිවේදීන්ට පවා යාමට අවසර ලැබෙන්නේ නැති පසුබිමක ඇප ලබාදිය හැකි සියලු දෙනාට ඇප ලබාදෙන ලෙස නීතිපතිවරයා ද ඉල්ලීමක් කර තිබියදීත් පොලීසිය ක්‍රියාකරන ආකාරය ප්‍රශ්න සහගත බව සමගි ජනබලවේගය පෙන්වා දෙයි. ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කොට බන්ධනාගාරගත කොට සිටින ශිෂ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් වහා මුදාහරින ලෙසය.