home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
යාල කුඩා සිතුල්පව්ව පුද බිමේ නිධන් සොරකමක්..
by Staff writer
01-09-2021 | 9:26 AM
COLOMBO (News 1st):
යාල වනෝද්‍යානයේ පිහිටි ඵෙතිහාසික සිතුල්පව්ව පුදබිමේ කුඩා සිතුල්පව්ව දැගැබ ඊයේ(31) රාත්‍රී නිදන් හොරුන් විසින් හාරනු ලැබ තිබේ.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, සොරොන් විසින් එහි තිබූ නිධන් වස්තු පැහැරගෙන ගොස් ඇති බවය. ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. ඒ සඳහා, පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද(01) අලුයම 1.00ත් 2.00ක් අතර දැගැබ හෑරිම සිදුව කර ඇති බවය. සිතුල්පව්ව පුදබිමේ ආරක්ෂාවට සිටින යුද හමුදා නිලධාරීන් විසින් දාගැබ සොරුන් විසින් හාරනු දැක පොලීසියට දන්වනු ලැබ තිබේ. පොලිස් නිලධාරීන් එහි යන විට සොරුන් පිරිස පළාගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, නිධන් සොරුන් යෝධකණ්ඩිය හා තිස්සමහරාම ප්‍රදේශවල පුද්ගලයින් බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවය. කාවන්තිස්ස රජු දවස ඉදිකළ සිතුල්පව්ව පුදබිමට අයත් එක් කදුගැටයක පිහිටි කුඩා සිතුල්පව්ච ජනතාවගේ වන්දනීයත්වයට පාත්රවන සුපතල පුදබිමකි. වංශකථාගත තොරතුරු අනුව මෙම පුදබිමේ අතීතයේ 12,000 භික්ෂුන්වහන්සේ වැඩසිටි බව සඳහන් වේ.
වෙනත් ලිපි
ගෘහස්ථ ගෑස් මිල අද අඩු කෙරේ
ඖෂධ මිලදී ගැනීමේ ගනුදෙනු:අල්ලස් කොමිසමෙන් විමර්ශන
රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි..
සරසවි අනධ්‍යන සේවක වැඩවර්ජනය අදත්..
පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන්..
විශේෂාංග
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය