තැපෑල හරහා රජයේ දීමනා ගෙවීම අද සිට ඇරඹේ..

තැපැල් කාර්යාල හරහා රජයේ දීමනා ගෙවීම අද සිට ඇරඹේ..

by Staff writer 01-09-2021 | 9:05 AM

COLOMBO (NEWS1ST) :  රජයේ දීමනා ගෙවීම අද(01) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා සඳහන් කළේ, මේ යටතේ අද(01) සිට සැප්තැම්බර් මාසයට අදාළ මහජන ආධාර ගෙවීම් ආරම්භ කරන බවය. මීට අමතරව පසුගිය මාසයේ වැඩිහිටි දීමනාව ලබා නොගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එම දීමනා ගෙවීමට ද පහසුකම් සලකා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ මේ මාසයට අදාළ විශ්‍රාම වැටුප්, ගොවි විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් ගෙවීම්ද සැලසුම් කළ දිනවලදී ගෙවීමට නියමිත බවය. දීමනාලාභීන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදනයන් අනුගමනය කරමින් අදාළ දිනවලදී තැපැල් හා උප තැපැල් කාර්යාලවලට පැමිණෙන්නැයි උප තැපැල්පතිවරයා පවසයි.