COLOMBO (News 1st) - පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව අසළ ඉදිකිරීමට යෝජිත ඇවිදින මංතීරුවේ මීටර් 20 ක් ඉදිකර මහා සංඝරත්නයට නිරීක්ෂණය කිරීමට ඉඩ ලබාදී ව්‍යපෘතිය පිළිබඳව ඉදිරි පියවර තීරණය කරන බව පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමරකීර්ති අතුකෝරල මහතා පවසයි.
මේ අතර අද(29) යළිත් එම ස්ථානයට වැඩම කළ මහා සංඝරත්නය පෙන්වා දුන්නේ, ප්‍රමුඛතාව දිය යුතු කටයුතු තිබියදී ඇවිදින මංතීරු ඉදිකිරීමේ සැලැස්ම අනුමත කළ නොහැකි බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, අමරකීර්ති අතුකෝරල මහතා
තමන්ගේ තියෙන පීඩාව මානසික නිදහස හැන්දෑවට ලබාගන්න අරමුණින් තමයි මේ මංතීරුව ඔබව සංරක්ෂිත මංතීරුවක් විදිහට නිර්මාණය කරන්න තමයි රජය සැලසුම් කරලා තියෙන්නේ. උදෑසනක් ගිහිල්ලා ගරු අමාත්‍යතුමා ලාභීන් ඒ ගැන පරීක්ෂා කරා පරීක්ෂා කරාම අපිටනං මේ රළපනාවට වෙන හානියක් කිසිම දෙයක් පෙන්නේ නෑ. අපි මේ සියලු දෙනාගේ කැමැත්ත අනුව අපි තීරණය කරලා තියෙන බවයි මීටර් විස්සක් විතර අපි මේකේ හදන සැලැස්ම හදලා මේකෙන් හානියක් වෙනවාද නැද්ද කියලා බලලා ජනතාවට තීරණය කරන්න පුළුවන් මේකෙන් හොඳක් ද වෙන්නේ නරක් ද වෙන්නේ කියන එක.
මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා,
ඉදිරියේදී තව දවසකින් දෙකකින් සියලු අපේ මහා සංඝරත්නය නායක ස්වාමීන් වහන්සේලා සියල්ල වැඩම කරවාගෙන ඒ වගේම අනෙකුත් මේ ප්‍රදේශවල ගොවි ජනතාව ගොවි සංවිධාන විද්වතුන් හැම කෙනෙක් ම සංවිධාන කරගෙන මේ ගැන සාකච්ඡාවක් කරලා ඒ අයගේ අදහස් මත මේ කාර්යභාරය කරගෙන යනවා. මෙහි ප්‍රතිඵල ඉතාම හොඳ නම් ජනතාව කැමති නං මහා සංඝරත්නය කැමති නම් මේ රජයේ විදිහට ඉතා ඉක්මනින් අවසන් කරලා දෙන්න පුළුවන් මේක. රජයට අවස්ථාව දෙනවා නම් ඉදිකරන්න ජනතාව අකමැති නම් ඒ සඳහා කවුරුවත් කලබල වෙන්න එපා කියන එක තමයි, ඒක අපි බලෙන් ඉදිකරන්න කියන එක මේ අවස්ථාවේ පැහැදිලි කරනවා.
මේ අතර අද යළිත් පොළොන්නරුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ගොවීන් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පරාක්‍රම සමුද්‍රයේ මංතීරුව ඉදිකිරීමට යෝජිත ස්ථානයට පැමිණියහ.
පොළොන්නරුව සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමි,
දැන් යෝජනාවක් තියෙනවා මීටර් විස්සක් වගේ ප්‍රමාණයක් මේක නිර්මාණය කරලා ස්වාමීන් වහන්සේලාට එළලා කටයුත්ත පිළිබඳව දැනුවත් කරනවා කියලා. නමුත් අපිට එහෙම අදහසක් නෑ හිරු බිස්ස වැව් බන්ට් එකට යටි පැත්තේ නිර්මාණය කරන්න මීටර් 20 වුණත් කමක් නෑ මේක භාවිතා කරන්න දෙන්න පුළුවන් කමක් නෑ. පැහැදිලිවම රට අරාජිකයි අමාරුවෙන් රට යන්නෙ හැම කෙනෙක්ටම අපහසු තාවයක් තියෙනව අපි කියන්නේ මේ වෙලාවේ මේ රටේ මේ වෙලාවේ මංතීරුවක් හදන එකද අවශ්‍යතාවය? පොළොන්නරුවේ කොච්චර අවශ්‍යතාවයන් තියෙනවද?
පරාක්‍රම සමුදයේ මේ වන විටත් පවතින ජල කාන්දුවක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.
තමන්කඩුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය අලුත්වැව පේමරතන හිමි,
මේ තමයි පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම යටින් එන ජල කාන්දුව. මේවට තමයි විශේෂයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉංජිනේරුවන් වාරිමාර්ග අධ්‍යක්ෂවරු ඇමතිවරු මේවට තමයි පිළියම් යොදන්න ඕන. ජල කාන්දු වෙන එක පෙනි පෙනී තමයි මංතීරු සකස් කරගන්න බුල්ඩෝසර් දාලා බැකෝ යන්ත්‍ර දාලා රල පනාවේ ගල් ටිකත් වැවට දාලා ඉවත් කරලා ඇවිදින මංතීරු සකස් කරන්න හදන්නේ.
මේ අතර ඇවිදින මං තීරුව ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද නිර්දේශ ලබාදී තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික් පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්.ජයතිලක මහතා,
අපි නිර්දේශයක් දීල තියනව මේක පැහැදිලිවම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ස්ථානයක්. නිර්දේශයන්ට යටත්ව කරන්න කියන එකත් අපේ නිර්දේශය තියෙනවා. අපි මේක ගිහිල්ලා අධීක්ෂණය කරනවා. වැව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුවනේ තියෙන්නෙ ඒ ගොල්ලො තමයි වගකීම දරන්නේ. පුරාවස්තු තියෙනවා නම් පැහැදිලිවම අපි මැදිහත් වෙනවා. අපි දෙන්නේ නිර්දේශයක් මොකද මේක වෙනත් ආයතනයක් සතු එකක්. ගැඹුරු කැණීම් කරන්න හෝ පවතින තත්ත්වය වෙනස් කරන්න හැඩය හෝ බාධාවක් වෙනවා නම් අපි පැහැදිලිවම නිර්දේශය දෙන්නෙ එහෙම නොවෙන්න.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා පාලනය යටතේ පවතින බවයි.
එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර නොමැති බවත් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ ය.
වැවේ ආරක්ෂාව සඳහා වරින් වර වැව් බැම්ම ප්‍රතිසංස්කරණයට ලක් කොට ඇති බවත් පසුගියදා බැකෝ යන්ත්‍ර මගින් ඉවත් කලේ මීට දශක කිහිපයකට ඉහතදී බැම්මේ ආරක්ෂාව සඳහා යෙදූ ගල් හා පස් බවත්, එවා පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ද්‍රව්‍ය බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.