කාබුල් ගුවන්තොටුපළට ත්‍රස්ත ප්‍රහාර අනතුරු ඇඟවීමක්

කාබුල් ගුවන් තොටුපළට ත්‍රස්ත ප්‍රහාර අනතුරු ඇඟවීමක්..?

by Staff writer 26-08-2021 | 10:30 AM

COLOMBO (NEWS1ST) : ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපළ ආශ්‍රිත පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය සිය පුරවැසියන්ට යළි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

ඒ, කාබුල් ගුවන් තොටුපළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ දැඩි තර්ජනයක් පවතින බව පවසමිනි. අදාළ රටවල් සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, ගුවන් තොටුපළෙන් පිටත සිටින අයට වහාම එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසයි. ඇෆ්ගනිස්ථානයෙන් පිටව යාම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් කාබුල් ගුවන්තොටුපළ ඇතුළත සහ පිටත රැඳී සිටියදී අදාළ රටවල් මෙම අනතුරු ඇඟවීම නිකුත් කළේ ය. පසුගිය දින 10 තුළ කාබුල් නුවරින් ඉවත් කර ගැනුණු පුද්ගලයින් සංඛ්‍යාව 82,000 කට අධික ය. අගෝස්තු 31 වනදාට පෙර ඇෆ්ගනිස්ථානයෙන් සියවැසියන් ඉවත් කරගැනීම සඳහා අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි ප්‍රයත්නයක නිරතව සිටී. ඒ, සිය වැසියන් ඉවත් කරගැනීම සඳහා එම රටවලට ලබාදී ඇති කාලය අගෝස්තු 31 වනදායි පසු යළි දීර්ඝ නොකරන බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කර තිබීම හේතුවෙනි.