පළිබෝධ නාශක ගෙන්වීමට එක් සමාගමකට ලබා දීමේ සැලැස්මක් - මනූෂ

by Staff writer 25-08-2021 | 10:54 PM

COLOMBO (NEWS1ST) : පළිබෝධ නාශක ගෙන්වීමට එක් සමාගමකට ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට සමගි ජන බලවේගය අද (25)චෝදනා කළේ ය.

වී වගාව සඳහා අක්කර ලක්ෂ 14කට අවශ්‍ය කරන කාබනික පොහොර සූදානම් කර ගැනීමට පුළුවන් වී ඇත්දැයි, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ප්‍රශ්න කර සිටී. මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ, ගොවියා අසරණ කරන ගමන්, තවත් ගජ මිතුරෙකුට සැලකීමට ආණ්ඩුව සූදානම් වී ඇති බවයි.
''බඩ ඉරිඟු ගොවීන් කල්පනා කරනවා අපි ඊළඟ කන්නයේ වගා කරනවද නැද්ද කියලා. තේ ගොවියා කල්පනා කරනවා කවදුරටත් අපි තේ වගාව ක්‍රියාත්මක කරනවද කියලා. දැන් එතකොට පිටරටින්, පකිස්තානයෙන් එන හාල්වල මොනවද තියෙන රසායනික ද්‍රව්‍ය, මේවා කාබනිකද? මේවා ප්‍රශ්න කරලා තියෙනවද? වකුගඩු රෝගය කියන බොරුව ඉස්සරහට දාලා ආණ්ඩුව ජනතාවගේ හදවතට කතාකරලා මේක තහනම් කරලා අද අමාරුවේ වැටිලා ඉන්නවා. එළවළු අස්වැන්න 40% කින් 50% කින් අඩුවෙන කොට අඩුවෙන එළවළු ප්‍රමාණයට මොකද කරන්නේ? එතකොට පිට රටින් ගේනකොට ගේන්නේ ඕර්ගනික් ඒවාද? තෙල් ටිකත් ණයට ගන්න කතාකරන ආණ්ඩුව, බංගලාදේශයටත් ණය වෙන ආණ්ඩුව පුළුවන් වේවිද අනාගතයේ අපේ මිනිස්සුන්ට කන්න දෙන්න වී වගාකරන්න අක්කර ලක්ෂ 14කට අවශ්‍ය කරන කාබනික පොහොර සූදානම් කරගන්න පුලුවන් වෙලා තියෙනවද? එහෙම නැත්තම් පිට රටින් කාබනික පොහොර ගේනවද? ගොවියා අසරණ කරන ගමන්, තවත් ගජ මිතුරෙකුට සලකන්න ආණ්ඩුව සූදානම් වෙලා තියෙනවා. මේ තවත් ගැසට් එකක් රිවස් කරන්න හදන්නේ. බිලියන 12ක වාර්ෂික වටිනාකමකාන් යුත් පලිබෝධ ආනනයනය කරන්න තමා හදන්නේ. මෙයින් රුපියල් බිලියන 10කම පලිබෝධ ආනයනය කරන්න සූදානම් වෙන්නේ එක සමාගමක්''