කර්නාටක ප්‍රාන්තයේ යළි ඇරඹි උසස් අධ්‍යාපනය

වසර එකහමාරකට පසු කර්නාටක ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන කටයුතු යළි ඇරඹේ..

by Staff writer 23-08-2021 | 10:31 PM

News 1st - වසර එකහමාරකට පසු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ උසස් අධ්‍යාපනය සඳහා වන පාසල් අද (23) සිට නැවත විවෘත කර තිබේ.

ඒ, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. පාසල්වල අධ්‍යයන කටයුතු සඳහා පැමිණෙන සියලු ගුරුවරුන්, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු අතර ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔවුන් අසාදිතයින් නොවන බවට ද තහවුරු කිරීම අනිවාර්ය වේ. මේ අතර රට ලොක්ඩවුන් කිරීම කොවිඩ් වසංගතය පාලනයට තිරසාර විසඳුමක් නොවන බව ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් පවසයි. ඔහු සඳහන් කරන්නේ, රටින් වසංගත තුරන් කිරීමේ නව සැලසුම වන්නේ "වෛරසය සමග ජීවත්වීමේ මාවතක්" සැකසීම බවයි. ප්‍රාන්ත හා නගර රැසක් ලොක්ඩවුන් කර ඇති පසුබිමක ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතයන් වාර්තාව යළි අලුත් වී තිබේ. ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයන් 915 දෙනෙක් හඳුනාගත් අතර 900 ඉක්මවා දෛනික ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව ද මෙයයි. මේ අතර පුද්ගලයින් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් කොවිඩ් -19 සෞඛ්‍ය අවසර පත්‍රයට එරෙහිව පැරීසියේදී විරෝධතා පැවැත් විය. මෙම සෞඛ්‍ය අවසර පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් ප්‍රංශ රජය නීතියක් ගෙන එනු ලැබුවේ අවන්හල් ඇතුළු වාණිජ ස්ථාන වෙත ඇතුළුවීමේදී, කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති බව තහවුරු කිරීම සඳහායි. එම නීතිය ඉවත් කර ගන්නා ලෙස රජයට බලකරන විරෝධතාකරුවන්, අදාළ නීතිය මගින් රට වැසියන් දෙපිලකට බෙදා ඇති බව පවසයි.