by Staff writer 23-08-2021 | 9:14 PM
COLOMBO (NEWS1ST) : කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා අද (23) මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට දැනුම් දී තිබේ.
ඒ ඉන්දීය මහකොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීයි.
ඉන්දියානු නාවික හමුදාවේ නෞකා භාවිත කරමින් දියර ඔක්සිජන් තොග සැපයීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී ස්තුතිය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික ස්ථාන සංරක්‍ෂණය කර ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පිරිනැමීම ද විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වී ඇති අතර, එම කටයුත්ත ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන බව ද ඉන්දීය මහකොමසාරිස්වරයාට දන්වා තිබේ.